Sunday, November 13, 2016

සර්පයින් පිළිබදව ඇති මිත්‍යා මත

  • දෙපත් නයාට හිස් දෙකක් ඇති බව. එහි සත්‍යය නම් හිස හා වලිගය ඒකාකාරීව දිස්වීමයි.
  • පිඹුරාගේ වල්ගයේ විෂ කටු 2ක් ඇති බව
  • එක් මාපිලෙකු මරණයට පත් කල විට මාපිලන් හත් දෙනෙකු පැමිනෙන බව, නිදා සිටින අයගේ ලේ උරා බොන බව මෙය වැරදිය මෙම සර්පයාට මිනිසෙකු මැරීමට තරම් විෂ නැත. ෆේරෝමෝනවල බලපෑම නිසා කිහිප දෙනෙකු පැමිනිය හැක.
  • සමහර නාග දෂ්ඨන හා මරණ නාග පිල්ලුවෙන් සිදුවන බව.
  • නාගයෙකු දෂ්ඨ කලවිට එම නාගයා ගෙන්වා විෂ උරවා දැමිය යුතු බව.
  • නාගයා මහළු වූ විට පියාපත් ලැබී කොබෝ නයින් වී පියඹා යන බව.
  • තිත් පොළගා වයස් ගත වූ විට පිඹුරා වන බව.

පොළොන් තෙලිස්සා

ගතිගුණ හා හැසිරිම

නිසාර සතෙකි. කෝපි, රබර්, කොකෝවා, කරදමුංගු, පොල් වතුවල සහ කැළෑ අශ්‍රිතව බහුලව දැකිය හැක. කිපුණු විට වලිගය අග සොලවති මොවුන් යම් පෘෂ්ඨයක ලැග සිටින විට හිස අංශක 45 ක් පමණ උඩට  ඔසවා සිටීම විශේෂ ලක්ෂණයකි. මී පැටවුන්, ගෙම්බන් සහ හූනන් ආහාර ලෙස ගනී. වරකට පැටවුන් 5 - 15 ක් අතර සංඛ්‍යාවක් බෝ කරයි. අපේ රටේ බහුලව සර්ප දෂ්ඨන වාර්තා වන්නේ මෙම සතුන් නිසාය. දෂ්ඨ කල විට තුවාලය අවට දැඩි වේදනාවක් ඇතිවේ. පේශී අවට කුණු වී යාම සිදු වේ.

අප රට තුල සර්පයින් දෂ්ඨ කිරීමෙන් සිදුවන වාර්ෂික මරන සංඛ්‍යාවෙන් 2% ක පමණ මෙම සර්පායින් දෂ්ඨ කිරීම නිසා සිදු වේ.

මොවුන්ගේ වර්ණ වෙනස්කම් රශ්‍රියකි. එහෙත් පොදුවේ සියලුදෙනාගේ පිට මතු පිට කලු දුඹුරු පුල්ලි පේලි දැකිය හැක. සාමාන්‍ය දිග අඩි 1 ක් පමණය. ත්‍රිකෝණාකාර හිස, ඇස හා නාසය අතර ඇති ලෝරියල් සිදුර සහ උඩ හනුවේ ඉදිරි කෙළවර උඩට එසවී ඇත තුණ්ඩය මගින් මොවුන් හදුනා ගත හැක.


හදුනා ගැනීම
  1. ශරීර වර්ණය දුඹුරු පැහැතිය.
  2. ත්‍රිකෝණාකාර හිස.
  3. හිසේ හොම්බ කෙලවර (තුංඩය උඩට එසවී ඇත )
  4. ඇසට හා නාසය අතර ඇති ලෝරියල් සිදුර.
  5. සම මතුපිට කලු හෝ දුඹුරු පැහැති පුල්ලි තිබීම.
polon thelissa



දෙපත් කළුවා

ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්තාවේ. ශ්‍රී ලංකාවේදී පලමුවෙන් වර්තා වූයේ මාතලෙනි. උග්‍ර විෂ සහිත වුවද මිනිසුන්ට හානි කර නොවේ. සතා කුඩා නිසා මිනිසෙකුට දෂ්ඨ කළ නොහැක.

ශරීරයේ හිස සහ වලිගය දෙපස කලු පැහැති රේඛා දෙකක් ඇති බැවින් දෙපත් කලුවා ලෙස නම් කර ඇත. ශරීරයේ පෘෂ්ඨියව අළු වර්නයක් ඇත. සැම කොර පොත්තකම දුඹුරු පැහැයට හුරු කලු තිතක් ඇත. හිස කලු පැහැතිය. හිසේ පාර්ශ්වික කපාල අස්ථි දෙකෙහි සුදු පැහැති පුල්ලියක් බැගින් පිහිටා ඇත. ඒවා ව්‍යාජ ඇස් ලෙස ක්‍රියා කරයි. එය සතුරන්ගෙන් ආරක්ෂා  වීමට උපක්‍රමයක් ලෙස යොදා ගනී.

depath kaluwa


නාගයා

ගතිගුණ හා හැසිරීම

අප රටේ උස් කදුකරයේ හැර සෑම තැනකම දැකිය හැක. දිවාචර මෙම සර්පයා රත්‍රී කලයේදී ද ක්‍රියාශීලීය. ක්ෂණිකයකින් කිපෙන නාගයා එවිට තම පෙන ගොබය විහිදුවයි. එවිට වේගයෙන් හුස්ම ගනිමින් ශබ්දයක් නිකුත් කරයි. මෙම කරුණු දෙකම අනතුරු හැගවීමේ සඥා වන්නේ ය. වරකට බිත්තර 5 - 25 ක් අතර සංඛ්‍යාවක් දමන අතර. මීයන්, ගෙම්බන් මෙන්ම අනෙකුත් සර්පයන්ද ආහාර ලෙස ගනී. විෂ ස්නායු පද්ධතියට බලපායි.



වර්ණය හා දිග

කදේ හා වලිගයේ පැහැයේ සිට අළු මිශ්‍ර කළු පැහැය දක්වා වෙනස් වේ. ලා දුඹුරු සහිත කහ පාටින් හා සුදු පාටින් යුක්ත නාගයන් ද දක්නට ලැබේ. අඩි 6 ක් පමන දිගට සිරුර වර්දනය වේ.

තෙල් කරවලා මුදු කරවලා නාගයා යන සර්ප විශේෂ ඉලාපිඩේ () කුලයට අයත් වේ. මෙම සර්පයින් සතු විෂ තුළ අඩංගු විෂ අණු සාපේක්ෂව ඉතා කුඩාය. එබැවින් එම විෂ රුධිර ප්‍රවාහයට එක් වූ විට ඉතා ඉක්මණින් රුධිර ධාරාව හරහා ශරීරය පුරා ඉන්ද්‍රිය සහ පද්ධති දක්වා පැතිරීම සිදුවේ.

මෙම සර්පයින් දෂ්ඨ කල විට දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත.

  1. ඇස් අඞවන්වීම.
  2. ගිලීම සහ කතා කිරීම දුර්වල තත්වයට පත්වීම.
  3. ක්ලාන්තය ඇතිවීම.
  4. ශ්සනය කිරිමේ දුෂ්කරතාවය.
  5. හෘද ස්පන්දනය අක්‍රමවත් වීම.
  6. දිව එළියට දැමීමට අපහසු වීම.
  7. අධික බඩේ වේදනාව.
  8. තුවාලය අවට අධික වේදනාව සහ දැවිල්ල ඇති වීම.









මුදු කරවලා

ගතිගුණ හා හැසිරීම

නිසාචරය. තෙල් කරවලා මෙන්ම උග්‍ර විෂ සර්පයෙකි. කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති දිලිසෙන පටි පිහිටා තිබේ. සිරුරේ මෙම කළු හා සුදු පාට පටි මාරුවෙන් මාරුවට පිහිටයි. කුඩා කාලයේදී හිස මතු පිටද සුදු පාට වුවත් වයස්ගත වනවිට එම තත්වය නැතිවී යයි. තෙත් කලාපයේ ජීවත් වේ. ප්‍රධානවම අනෙක් විෂ රහිත සර්පයන් ආහාරයට ගනී. වරකට බිත්තර 5 ක් පමන දමයි. (කොපමණ පෙළඹුවද දිවා කාලයේදි දෂ්ඨ කිරීමට මැලිකමක් දක්වයි.) ස්නයු පද්ධතියට විෂ බලපායි. ශ්‍රී ලංකාවට ආවේනික සර්පයෙකි.


වර්ණය හා දිග

ශරීරය කළු හා සුදු වර්ණ තීරුවලින් ‍යුක්තය මෙම සුදු හා වර්ණ තීරු මුදු මෙන් පිහිටා ඇත. වයස් ගත වන විට මෙම සුදු පාට නැති වී යයි. ශරීරය් අඩි 2 1/2 පමන දිගට වැඩේ.


විෂ ලක්ෂණ

විෂ සහිත සර්පයෙකි. තෙල් කරවලාගේ විෂට බොහෝ සේ සමාන විෂක් ඇත.


තෙල් කරවලා

ගතිගුණ හා හැසිරීම

අප රටේ ජීවත්වන උග්‍රම විෂ සහිත සර්පයා වේ.  නිසාචරය. බොහෝවිට දිරායන කුණු රොඩු අතර. බුරුල් වැලි පසේ හෝ වියළි තණකොළ අතර සැගවී සිටීමට කැමැත්තක් දක්වයි. බොහෝවිට ජලාශ්‍රිතව සිටීමට ප්‍රිය කරයි. වියළි කාළයේ ජලය තුලට වී සිටීමට ද ප්‍රිය කරයි පහත රට පමනක් දැකිය හැක. වරකට බිත්තර 5ක් පමන දමයි ප්‍රධානවම විෂ රහිත අනෙක් සර්පයන් ආහාරයට ගනී. ස්නායු පද්ධතියට විෂ බලපායි.


ශරීර වර්ණය හා දිග

සිරුරේ උඩ පැත්ත කළු පාටින් යුක්තය. උදරිය පැත්ත සුදු පාටය. නමටම ගැලපෙන පරිදි ඇග තෙල් දමා පිරිමද්දා සේ දිලිසේ. ශරීරය සුදු පැහැති මුදු හැඩයෙන් යුක්ත ඉරි දෙක බැකින් පිහිටා ඇත. වයසට යන විට මෙම සළකුණු ක්‍රමයෙන් මැකීගොස් වලිගයේ පමනක් හෝ පෘෂ්ඨියව පිහිටි සුදු පැහැති තිත් පෙලක් බවට පත් වේ. හිස ඕවලාකාරය. දිග අඩි 4 - 5 ක් පමන වේ.

thel karawala



තිත් පොළගා

ගතිගුණ හා හැසිරීම

රත්‍රී කාළයේ හැසිරෙන නමුත් දිවා කාලයේදී ද දැකිය හැකි වේ. උස් කදුකර ප්‍රදේශවල හැර දිවයිනේ අනෙක් සෑම ප්‍රදේශකම සර්ප ද්ෂ්ඨන නිසා අප රටේ සිදුවන වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවකට වගකිවයුතු සර්පයා වේ. ප්‍රමානයේන් විශාල නිසාත්, වියලි කල්ලාපයේ කුඹුරු අශ්‍රිතව බහුලව ජීවත් වන නිසාත්, එමෙන්ම වහා පහරදීමට පෙළබෙන නිසා විෂ සිරුරේ සියලුම ඉන්ද්‍රිය හා පද්දති වලට හානි ගෙන දෙන බැවින් මෙම තත්වය ඇතිවේ.

ලං වූ කල ඉතා තදින් පිඹිම මේ සර්පයා හදුනා ගැනීමට හැකි විශේෂ ලක්ෂණයකි. පහර දෙන විට ශරීරය එකවර දුන්නක් මෙන් දිග හරිමින් පනින ස්වභවයක් පෙන්වමින් පහරදේ.  ඇතම් විට හත් අට වාරයක් එකම මොහොතේ පහර දුන් අවස්ථා පිලිබදවද වාර්තා වී ඇත.

ප්‍රධාන වශයෙන් මීයන් ආහාරයට ගනී. වරකට පැටවුන් 5 - 50 ත් අතර ප්‍රමානයක් දමනු ලැබේ.

thith-polaga

වර්ණය හා දිග

ශරීරයේ උඩ පැත්ත රතු මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුක්තය.

හිස මත දාරය මත සුදු පැහැති "V" අකුරක හැඩැති රේඛාව, හිස මතු පිට මඩ දුඹුරු පැහැයත් ශරීරයේ  මතුපිට ඇති කිරි බත් කැට හැඩැති සළකුණු පේලියත්, ඒවාට දෙපසින් ඇති අර්ධ කවාකාර දුඹුරු පැහැති සලකුණුත් ත්‍රිකෝණාකාර හිසත් නිසා හදුනා ගැනීම පහසු නමුත් විමසිල්ලෙන් නොබැලුවොහොත් ශරීර වර්ණය පරිසරයේ වර්ණයට බොහෝ සෙයින් සමාන නිසා හදුනා ගැනීම දුෂ්කරය.

සාමාන්‍යයෙන් දිග අඩි 5ක් පමණ වේ.

වැලි පොළගා, තිත් පොළගා යන සර්ප විශේෂ (Viperidac) නම් කුලයට අයත් වේ.මෙම සර්පයින් දෂ්ඨ කළ විට රුධිර ප්‍රවාහයට එකතු වන විෂ ඉතා සෙමෙන් රුධිරය ඔස්සේ ප්‍රවාහනය වී ඉන් කොටසක් වෘක්ක තුල තැන්පත් වීම සිදු වේ. මීට අමතරව මොළය, හෘදය, ආහාර මාර්ග පද්ධතිය යනාදී අභ්‍යන්තර ඉන්ද්‍රයයන් සහ පද්ධති තුල විෂ එකතු වීම සිදුවේ. එහිදී ස්ඩිදුවන ප්‍රතික්‍රියා නිසා රෝග ලක්ෂණ හට ගැනීම සිදුවන අතර නිරීක්ෂණය කල හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් පහත දක්වා ඇත.


  1. මුත්‍රා, මල, කැස්ස, වමනය සමග ලේ පිටවීම.
  2. රුධිරය කැටි ගැසීමට ගතවන කාලය ප්‍රමාද වීම.
  3. විදුරු මස් වලින් රුධිරය වහනය වීම.
  4. සම යට තැනින් තැන සිදුවන ලේ ගැලීම.
  5. ඉතා අධික වේදනාව.
  6. අධික ඉදිමීමක් ඇතිවීම.
  7. තුවාලය අවට පත්වන ඉවසිය නොහැකි වේදනාව.

වැළි පොළගා

ගතිගුණ හා පැතිරීම

නිශචරය. උග්‍ර විෂ සහිතය. අනෙක් සර්ප්යින්ට වඩා කිපෙන සුළු ගතියක් ඇත කිපුනු අවශ්ථා වලදී ශරීරයේ දෙපස ඇති කොරපොතු එකට ඇතිල්ලීමෙන් 'ස්ස් ' වැනි ශබ්දයක් පිට කරයි. ගෙම්බන්, ගෝනුස්සන් කටුස්සන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර, වරකට පැටවුන් 3 - 6 ක් අතර ප්‍රමානයක් බිහි කරයි.

වැඩි වශයෙන් වියළි කලාපුයේ දක්නට ලබෙන මෙම සර්පයින් මන්නරම, යාපනය සිට යාල දක්වා වෙරළබඩ තීරයේ වැඩි වශයෙන් දැකිය හැක. කුඩා පදුරු, පතොක් පදුරු හා ගල් යට වාසය කරයි. මීර අමතරව ඉන්දියානු අර්ධද්වීපයට අයත් රටවල ද දැකිය හැකිය.



වර්ණය හා දිග

ලා දුඹුරු හා වැලි පාටින් යුත් ශරීරයේ උඩ පැත්තේ අළුවා යුක්ත හැදයෙන් යුත් සලකුණු ඇත. හිස මතුපිට සුදු පාටින් යුක්ත ඊතලයක් හැඩගත් ලකුණක් ඇත අඩි 2ක් පමන දක්වා වර්දනය වේ.


හදුනා ගැනීම
  1. හිස මත ඇති ඊතලයක් හැඩය ඇති ලකුණ.
  2. කද දෙපත්තේ ඇති කොරපොතුවල මැද නාරටියේ දැති තිබීම.
  3. ශරීර වර්ණය ලා දුබුරු පැහැති වීම.

ශරීරයේ සම මතුපිට පිහිටි ලා දුබුරු පැහැති කිරිබත් කැට හැඩැති සලකුණු පේලිය සහ ඒවාට දෙපසින් ඇති අර්ධ කවාකාර එම පැහැති සලකුණු.


විෂ ලක්ෂණ

ලෝකයේ සර්ප විෂ ගත්වීමෙන් සිදුවන මරණීය හානි බහුලව සිදුවන්නේ මෙම සර්පයින් දශ්ඨ කිරීම නිසාය.